Powered by Blogger.

සන්නාලියනේ | ගීතයකින් කියනා හරි අපුරු කතාවක්..


පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන මහගමසේකරයන්ගේ පද රචනයක් වුනු මේ ගීතයේ අර්ථය පොඩ්ඩක් බලමුද? අද කාලෙ අහන ගීත වල හැටියට ‍මේ ගීතය නියම අර්ථාන්විත ගීතයක් බව ඔයාලටත් හොදින්ම පෙනේවි..
 
සන්නාලියනේ සන්නාලියනේ
සන්නාලියනේ සන්නාලියනේ
මේ හිමිදිරි උදයේ
සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී
කාටද ඇඳුම වියන්නේ
මේ පොඩි ඇඳුම වියන්නේ
මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

මාල ගිරා තටු සේම රුවින් යුතු
නිල්වන් ඇඳුම වියන්නේ
ඊයේ ඉපදුණු කුළුඳුල් දූටයි
මේ පොඩි ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
මේ හැන්දෑ යාමේ
හැඩ වැඩ දමලා ලස්සන කරලා
කාටද ඇඳුම වියන්නේ
දිලිසෙන ඇඳුම වියන්නේ
සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
කාටද ඇඳුම වියන්නේ

සැන්දෑ අහසේ රන්වන් පාටින්
දිලිසෙන ඇඳුම වියන්නේ
ඒ කුළුඳුල් දූ දීගෙක දෙන්නයි
මංගල ඇඳුම වියන්නේ

සන්නාලියනේ සන්නාලියනේ
සීතල හඳ එළියේ
මැලැවුණු මුහුණින් වෙවුලන දෑතින්
කාටද සළුව වියන්නේ
සිතල සළුව වියන්නේ
කණ කොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
කාටද සළුව වියන්නේ

කණකොක් තටුවේ සුදු මැලි පාටින්
සිතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වහන්නයි
සීතල සළුව වියන්නේ

පලවෙනි පෝස්ට් එක.....

             ඉතින් කොහොම ද යාළුවනේ...පොඩියට බ්ලොගියක් පටන් ගන්න හිතුවා.. අද ඉදන් ඉතින් මගෙ ලිපි ‍ටිකක් කට්ටියට බලාගන්න පුළුවන් වේවි.ඉතින් වැඩිපුර ලියන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාත්මක තාක්ෂණික පැත්තට බර ලිපි තමා මොකද අධ්‍යාපනික පැත්තෙනුත් වැදගත්නෙ.ඉතින් හැම ක්ෂේත්‍රයකටම අදාල වැදගත් ලිපි දාන්න බලාපොරොත්තු වෙනවා....කොපි පේස්ට් කරන්නනම් බලාපොරොත්තුවක් නෑ...පුළුවන් විදියට දන්න දේවල් ටික කට්ටියට බෙදලා දෙන්න තමා බලාපොරොත්තුව.. කට්ටිය ‍කමෙන්ට් එකක් එහෙම දාල සප් එකක් දේවි කියල බලා පොරොත්තු වෙනවා.එමනම් කට්ටිය සෙට් වෙමු අපිත් එක්ක ...... යාළුවන්ටත් ෂෙයා පාරක් දාන්න හොදේ... http://cybersithuvili.blogspot.com මතක ඇතුව අපේ ෆෙස්බුක් පේජ් එකටත් ලයික් පාරක් දාගෙනම යන්..